ආතරයිටීස් සහ සමහර පිළිකා මර්දනය සඳහා ඖෂධ අඩංගු බිත්තර ලබාගැනීමට ජානමය වෙනස්කම් සිදුකළ කුකුලන් ඇති කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා. මෙම රෝග මර්දනය සදහා අදාළ මිනිස් ජාන කුකුලන් තුළ තැම්පත් කර තිබෙනවා.
ඖෂධ නිෂ්පාදනාගාරයක මෙම ඖෂධ නිෂ්පාදනය කිරීමට වඩා මෙම ක්‍රමය සිය ගුණයකින් ලාබදායී වන බවයි විශේෂයන් පවසන්නේ. මෙම කුකුලන්ට අවශ්‍ය පෝෂණය දිනපතා ලබාදෙමින් හොදින් පුහුණු වූ කාර්මික ශීල්පීන් විසින් රැකබලා ගැනෙනවා.
එක් ඖෂධ මාත්‍රාවක් නිපදවීමට බිත්තර තුනක් අවශ්‍ය වනවා. ඒ සඳහා අදාළ කරගන්නා එක් කුකුලෙකුගෙන් වසරකට බිත්තර 300ක් ලබාගත හැකි බවයි විදෙස් වාර්තාවල සදහන් වන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/Hen-feeding-chicks-696×464.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/MG_0578a.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/unnamed1.jpg”]