පාපැදියට ඇරුණැල්ලක් ජීවිතයට නව ජවයක් තේමාව පෙරටු කර ගනිමින් ලංකාවේ මුහුදු තීරය ආවරණය වන ලෙස හර්බට් පීරිස් ක්‍රීඩකයා පැදයන පාපැදි සවාරිය කොළඹ ගාලුමුවදොර ප්‍රදීපාගාරය අසලින් අද උදෑසන ආරම්භ වුණා.
09 වන වරටත් මෙවර සවාරිය සංවිධාන කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය,ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සහය ලබා දී තිබෙනවා. මෙම සවාරියේදී හර්බට් පීරිස් ක්‍රීඩකයා පාපැදිය කිලෝමීටර් 1490 ක දුරක් ධාවන කිරීමට නියමිතයි. පාපැදි සවාරිය ආරම්භ කළ අවස්ථාවට එක්වූ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාද සවාරිය සමගින් එක්ව පාපැදි ධාවනට එක්වුණා.
ධම්මික මුතුගල – ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්,
[ot-video type=”youtube” url=”https://youtu.be/qXPeQpKss2Q”]