fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උද්ඝෝෂණයක් නිසා හැටන් කොළඹ මාර්ගය වැසේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 11:03

උද්ඝෝෂණයක් නිසා හැටන් කොළඹ මාර්ගය වැසේ

දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදී අද උදෑසන උද්ඝෝෂණයක නිරතවුණා.

වතු කම්කරුවන් ක්‍රියාත්මක කළ උද්ඝෝෂණය හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ප්‍රධාන මාර්ගය අවහිර වීම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන් වෙත දැනුම් දුන්නා. රුපියල් දහසක් දක්වා මූලික වැටුප ඉහළ නංවන බව පවසමින් වෘත්තීය සමිති නායකයන් තමන්ට පොරොන්දු වුවද රුපියල් 700ක පමණ මූලික වැටුපක් ලබා දී තමන් මුලා කළ බවයි උද්ඝෝකයින් කියා සිටින්නේ. නව වැටුප් වැඩිකිරීම අනුව රුපියල් 140ක දිරි දීමනාවද වතු කම්කරුවන්ට අහිමිවන බව ඔවුන් පෙන්වා දෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්