බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩා පිටියට මුල්ගල තැබේ
Related Articles
බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත අංගසම්පූර්ණ පැසිපන්දු ක්‍රීඩා පිටිය සදහා මුල්ගල තැබුණා.
ඉදිකිරීමට යෝජිත පැසිපන්දු ක්‍රීඩාපිටිය සදහා රුපියල් මිලියන 5.6 ක් වෙන්කර තිබෙනවා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේයි. ක්‍රීඩා පිටියට මුල්ගල තැබීමේ උත්සවය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පෙන්වා දුන්නේ වර්ථමානයේ දී ක්‍රීඩාව අත්යවශ දෙයක් බවට පත් වී ඇති බවයි.