බ්‍රසීලයේ යපස් ආකරයකට සම්බන්ධ වේල්ලක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 300ක් බවයි බ්‍රසීල වාර්තා සදහන් කරන්නේ.අතුරුදන් වූවන් අතුරින් 192 දෙනෙකුගේ දිවි ගලවාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා. බ්‍රසීලයේ බෘෘමඩින්හෝ වේල්ලයි මෙසේ කඩා වැටී ඇත්තේ. සේවකයින් වේල්ල මත ඉදි කළ ආපන ශාලාවක දිවා ආහාරය ගනිමින් සිටියදීයි එය කඩා වැටී ඇත්තේ. මෙය බ්‍රසීල ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැළකෙනවා.