fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ද.අප‍්‍රිකාවට එරෙහි 4 වන එක්දින ක‍්‍රිකට් තරගය පාකිස්ථානය ජය ගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 09:23

ද.අප‍්‍රිකාවට එරෙහි 4 වන එක්දින ක‍්‍රිකට් තරගය පාකිස්ථානය ජය ගනී

දකුණු අප‍්‍රිකාවට එරෙහි 4 වන එක්දින ක‍්‍රිකට් තරගය කඩුළු අටකින් ජය ගැනීමට පාකිස්ථානය සමත් වුණා. කාසියේ වාසිය දිනු පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප‍්‍රිකාවට ලබාදිමටයි තීරණය කළේ.

ඒ අනූව පන්දු වාර 41 ක් අවසානයේ සියලුදෙනා දැවී ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 164ක්. හෂීම් අම්ලා සහ ෆැෆ් ඩු ප්ලෙසිස් අර්ධ ශතක රැස්කළා. පන්දු යැවීමෙදී කඩුළු 4 ක් දවා ගැනීමට පාකිස්ථානයේ උස්මාන් ෂින්වාරි සමත් වුණා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ පාකිස්ථානය පන්දු වාර 31යි පන්දු 3ක් අවසානයේදී සිය ජයග‍්‍රාහි ඉලක්කය වාර්තා කළා. ඉමාම් උල්හක් ලකුණු 71යි. තරගයේ වීරයා ලෙස උස්මාන් ෂින්වාරි නම්කර තිබෙනවා. මෙතෙක් පැවති තරග හතර, දෙක බැගින් ජය ගැනීමට පාකිස්ථානයට සහ දකුණු අප‍්‍රිකාවට හැකි වුණා. දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින ක‍්‍රිකට් තරගය හෙට පැවැත්වෙන්නේ කේප්ටවුන්හි දී.

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 09:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්