fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවෙන් වෙනිසියුලාවට යළි අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 09:17

ඇමරිකාවෙන් වෙනිසියුලාවට යළි අනතුරු ඇඟවීම්

ඇමරිකාව වෙනිසියුලාවට යළි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඇමරිකා රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට හෝ වෙනිසියුලා විපක්ෂ නායකවරයාට සිදුකරන තර්ජනවලට දැඩිව ප‍්‍රතිචාර දක්වන බවයි ඇමරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ වෙනිසියුලා අන්තර් වාර ජනාධිපතිවරයා ලෙස ඇමරිකාව ඇතුළු රටවල් 20ක් මේ වනවිටත් පිළිගෙන තිබෙනවා. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් නිකොලොස් මදුරෝ ජය ගත්ත ද එය නීති විරෝධි මැතිවරණයක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ අනූව මදුරෝ සිය ධුරයේ වැඩ භාරගැනීමත් සමඟ වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය උග‍්‍ර වී තිබෙනවා. ස්පාඤ්ඤ, ජර්මනිය, ප‍්‍රංශය සහ එංගලන්තය ද නිකොලොස් මදුරෝට අනතුරු ඇඟවීමක් නිකුත් කළා. ඒ කඩිනමින් මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කරන ලෙස දැනුම් දෙමින්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්