එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ දියත් කෙරෙන ගොවි ජන සහන ණය යෝජනා ක්‍රමය ගැන මෙරට ගොවි ජනතාව දැනුවත් කිරීමේ සමරම්භක උත්සවය අද (28) පෙ.ව.10.00ට දඹුල්ල ,පිරිවෙන්වැව පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා,කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා,මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා,කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු සම්භවනීය අමුත්තන් රැසක් එක්වීමට නියමිතයි.
ව්‍යාපාර දියුණු කරමින් මෙරට අර්ථිකය නැංවීම සඳහා රජය මඟින් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් දියත් කොට ඇත. මේ යටතේ රජය හඳුන්වාදෙන පොළී රහිත සහ ණය වාරික ගෙවීමේ දී රජය දායක වන ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත.