සේනා දළඹුවා මුලිනුපුටා දැමීමට අවශ්‍ය පියවරක් ලෙස ශාක ආරක්ෂණ පනත සංශෝධනය කරන බව ජාතික සත්ව නිරෝධායන සේවය පවසනවා. සංශෝධන සහිත කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෘෂි නිලධාරීන් ලබා දුන් උපදෙස් අනුව කටයුතු කිරීම හේතුවෙන් සේනා දළඹුවා ක්‍රමයෙන් මර්දනය වෙමින් පවතින බවද ගොවි ජනතාව පවසනවා.
සේනා දළඹුවා මර්දනය කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වීමෙන් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. ඊට අදාලව ශාක ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට ද පියවර ගන්නා බව ජාතික සත්ව නිරෝධායන සේවයේ අතිරේක අධ්යක්ෂ තුෂාර වික්‍රමආරච්චි මහතා ප්‍රකාශ කළා. සේනා දළඹුවා විනාශ කිරීමේදී ඇති වන ගැටළු වලට මේ තුළින් කඩිනම් පියවර ගත හැකි බව ඒ මහතා කියා සිටියා.
අනුරාධපුර රඹෑව සඳමල්ගම ප්‍රදේශයේ පැවති ගොවි හමුදකදී අමාත්‍ය පී හැරිසන් මහතා කියා සිටියේ මෙය ජාතික උවදුරක් ලෙස සළකමින් එය මර්දනය කිරීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=yvEWr21r4UY&feature=youtu.be&fbclid=IwAR0XY-erfn8fx7OHJXXXv5gM0DvDNDuC1HGCmOH_6Us6yVrxxi5eDY3qUOI”]
දඹුල්ල ඇරැවුල ප්‍රදේශයේ බඩඉරිගු වගාවට හානි කළ සේනා දළඹුවාගේ ව්‍යාප්තිය වැළැක්වීමට හැකි වී තිබෙනවා. එම ප්‍ර දේශයේ ගොවිබිම් නිරීක්ෂණයට එක්වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා කියා සිටියේ දළඹුවා මර්දනයට සියලු දෙනා ලබා දෙන සහාය අගය කළ යුතු බවයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ සේනා දළඹුවන් පැතිර ඇති වගාවන් විනාශ කිරීම සිදු කෙරුණා. කෘෂිකර්ම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පුත්තලම සියඹලාගස්හේන ප්‍රදේශයේ අක්කර දෙකක පමණ ගොවි බිමක තිබූ බඩඉරිගු ගිනිතබා විනාශ කෙරුණා.