මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටියදී මියගිය යුද හමුදා කපිතාන්වරයාගේ හා කෝප්‍රල්වරයාගේ දේහ ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට රැගෙන එන බව යුද හමුදාව පවසනවා.
එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම්වලදී මිය ගිය යුද හමුදා පාබල රෙජිමේන්තුවේ දිනේෂ් ජයවික්‍රම මහතා පොලොන්නරුව පුලස්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටියා. තිස් දෙහැවිරිදි වියේ පසුවූ ඔහු අවිවාහක අයෙකු වන දිනේෂ් ජයවික්‍රම 06 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවායි. යුද හමුදාවේ ඉහළ තනතුරු දක්වා ගියේ සිය දස්කම් යුද හමුදාව තුළ ප්‍රදර්ශනය කරමින්. ඔහුගේ සහෝදරයන් තුන් දෙනෙකු යුද හමුදාවේ සහ ගුවන් හමුදා සාමාජියන්ද වනවා. දිනේෂ් ජයවික්‍රමගේ දේහය පුලස්තපුර නිවසට ගෙන ඒමට නියමිතයි.
මාලි රාජ්‍යයේ ප්‍රහාරයෙන් මිය ගිය පාබල රෙජිමේන්තුවේ සමන් විජය කුමාර මහතාගේ දේහය පොල්පිතිගම සිය නිවස වෙත ගෙන ඒමට නියමිතයි.