මාඋස්සාකැළේ වතුයායට අයත් රක්ෂිත ප්රදේශයක ගින්නක් හටගත්තා.
ඉන් අක්කර හතක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නල්ලතන්නිය පොලිසිය හා ශ්රීපාද විශේෂ රාජකාරිවල නිරත පොලිස් නිලධාරින් ගින්න පැතිරයාම වැළැක්වීමට පියවර ගෙන තිබෙනවා. ප්රදේශවාසීන්ගේ සහාය ද ඊට හිමි වුණා.