fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 12:03

සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මධ්‍යම,සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව, බස්නාහිර සහ මධ්‍යමපළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මීගමුව සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රිකාලයේ වැසිහෝගිගුරුම්සහිතවැසි ඇතිවන අතර දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සුළංඊසානදිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ.මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහහම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්