fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2022 දී අපනයන ඉලක්කය ඇමරිකා ඩොලර් බිලියන 28 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 12:01

2022 දී අපනයන ඉලක්කය ඇමරිකා ඩොලර් බිලියන 28 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

2022 වනවිට සමස්ථ අපනයන ඉලක්කය ඇමරිකා ඩොලර් බිලියන 28 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා අපනයන කර්මාන්තවල ආයෝජන සිදුකිරීමට දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීම අරමුණ බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ. නව අපනයනකරුවන් දෙදහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව සබරගමුව පළාත් ව්‍යවසායකයන් දැනුවත් කිරීම, තාක්ෂණික ප‍්‍රදර්ශනය සහ රැකියා පියස හෙට (28) පැවැත්වෙන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළා.
පාසල් සිසුන්ට අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂණ දැනුම ලබාදෙන කුටි රැසක් ද ප‍්‍රදර්ශනයට ඇතුලත්. සබරගමුව පළාත් ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ගැටලු විසඳන සාකච්ඡාවක් ද එහිදී සංවිධාන කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්