fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 12:22

ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි

සංචාරක අයර්ලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්වුණා. ඒ දෙරට අතර පැවති හතරවන එක්දින තරගයත් පහසුවෙන් ජය ගනිමින්.

එස්. එස්. සී. ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 353 ක් ලබා ගැනීමට සමත්වුණා. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 139 ක් ලබා ගත්තා. ඇන්ජලෝ පෙරේරා හා කමිදු මෙන්ඩිස් නොදැවී අර්ධ ශතක වාර්තා කළා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ඒ කණ්ඩායමට පන්දුවාර 30 යි පන්දු 04 ක් අවසානයේ සියළුදෙනා දැවී ලබාගත හැකිවුනේ ලකුණු 151 ක් පමණයි. පන්දු යැවීමේදී ඉසුරු උදාන හා කමිදු මෙන්ඩිස් කඩුලු 03 බැගින් දවා ගත්තා. මේ අනුව ලකුණු 202 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 12:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්