fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම හෙට

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 11:41

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම හෙට

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ ගිවිසුමට හෙට අත්සන් තබන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා ප‍්‍රකාශ කළා. දෛනික වැටුප රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමටයි තීරණය කළේ. වතු කම්කරුවන්ට තෘප්තිමත් ජීවිතයක් ගත කිරිමට සඳහා අවශ්‍ය පහුසකම් සැපයීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා පෙන්වාදුන්නා.

පසුගිය මාස තුනේ හිඟ වැටුප් ලබාදීමට ද තීරණය කර තිබෙනවා. දෛනික වැටුපට හිමි දළු ප‍්‍රමාණයට අමතරව නෙළා ගන්නා දළු කිලෝග‍්‍රෑමයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 25 සිට 40 දක්වා වැඩි කිරීමටයි සාකච්ඡාවලදී එකඟවුණේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්