දෙල්ගොඩ ඉසිකිලිකන්ද ප්රදේශයේදී කාන්තාවකට ගලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඇයගේ පුත්රයා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් ඊට හේතුවී තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) රාගම රෝහලේදී සිදුකිරීමටයි නියමිත. ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු අද (27) මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මීගහවත්ත පොලීසිය ප්රකාශ කළේ.