fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර සාකච්ඡාවල ප‍්‍රගතියක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 09:13

ඇමරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර සාකච්ඡාවල ප‍්‍රගතියක්

ඇමරිකාව සහ ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් කණ්ඩායම අතර සාකච්ඡාවල ඓතිහාසික ප‍්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා පවසනවා.

කටාර් හිදී දින 6 ක් පුරා සාකච්ඡා පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත සල්මේ කලිල්සාඩ් සිය ට්විටර් ගිණුමෙහි ඒ පිළිබද ප‍්‍රකාශයක් ද සටහන් කර තිබෙනවා. ඇෆ්ගන් රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට කාබුල් නුවරට පිටත්ව යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. තලෙයිබාන්වරුන් ද සාකච්ඡාවල ප‍්‍රගතියක් ඇති බව ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් මෙතෙක් නොවිසඳුණු කරුණු පිළිබද තවදුරටත් සාකච්ඡා කිරීමයි අපේක්ෂාව. තලෙයිබාන් නියෝජිතයන් ඇෆ්ගන් රජය සමඟ ඍජු සාකච්ඡා ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකා භට කණ්ඩායම් ඉවත් කරන නිශ්චිත දිනයක් ප‍්‍රකාශ කරන්නේ නම් පමණක් රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බවයි තලෙයිබාන් නියෝජිතයන් සඳහන් කරන්නේ. වසර 17 ක් පවතින ඇෆ්ගනිස්ථාන ගැටුම් අවසන් කිරීම මෙහි අරමුණයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්