fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ සැමට නිවසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 18:09

රටේ සැමට නිවසක්

Update: උදාගම්මාන විසිදහසක්  නිර්මාණය කර රටේ සැමට නිවසක් ලබා දෙන බවට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඥා දෙනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

හම්බන්තොට තම්මැන්නාව ප්‍රදේශයේ සදලුගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 160 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 46 කින් සමන්විත සදලුගම උදාගම්මානය සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 388 ක්. පිරිසිදු පානීය ජලය,විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සමන්විත ලෙස ආදර්ශ ගම්මානය නිර්මානය කොට තිබෙනවා.  ශිල්ප සවිය වැඩසටහන යටතේ ශිල්පීන් 50 දෙනෙකු සදහා වෘත්තීය උපකරණ කට්ටල  බෙදාදීම හා ප්‍රාදේශීය කලකරුවන් තිදෙනෙකුට රුපියල් තිස් දහසක් වටිනා වෛද්‍ය ආධාර සැපයීම මෙන්ම දෘෂ්‍යාබාධිත ජනතාවට නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීම ඇතුළු වැඩසටහන් ගණනාවක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. තංගල්ල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායමේ නිලඇදුම් සදහා අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 04 ක මුදලක් පිරිනැමුණා.

160 වෙනි ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට

160 වෙනි ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා. එය ඉදිකර තිබෙන්නේ හම්බන්තොට තම්මැන්නාව ප‍්‍රදේශයේයි.

” සඳලුගම ආදර්ශ ගම්මානය” ලෙස එය නම්කර අති බවයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සඳහන් කළේ. නිවාස ඒකක 46 ක් ඊට ඇතුලත්. අම්පාර තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ ඉදිකළ 159 වෙනි ආදර්ශ ගම්මානය ඊයේ ජනතා අයිතියට පත්කළා. 161 වෙනි ආදර්ශ ගම්මානය ඉදිකර තිබෙන්නේ මඩකලපුව පෝරතිව්පත්තු ප‍්‍රදේශයේ. එය හෙට ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2019 18:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්