කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ උතුරු මැද නාවික විදානයට අනියුක්ත නාවික හමුදා භට පිරිසක් සිදුකළ වැටලීමකින්. වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී වැටලීම සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. සැකකරුවන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසියට භාරදී තිබෙනවා. මේ අතර මේ වසර තුළදී පමණක් නාවික හමුදාව සිදුකළ වැටලීම්වලින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ.