එළඹෙන උත්සව සමය වෙනුවෙන් අළෙවි කරන ආහාර පානවල ගුණාත්මකභාවය වැඩිකිරිමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය ප්රකාශ කළා.
සියලු ආහාර වෙළෙඳසැල් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ. පාරිභෝගිකයන්ට ද තමන් ලබාගන්නා ආහාර සම්බන්ධයෙන් ප්රශ්න කිරිමේ අයිතිය ඇතැයි ඔහු පෙන්වා දුන්නා.