බන්ධනාගාර ගතව සිටින පාතාල කල්ලි නායක මාඹුලනගේ දිනෙත් මිලාන් හෙවත් ඌරු ජුවාගේ මෙහෙයවීම මත බලහත්කාරයෙන් මුදල් ගැනීමේ ජාවාරමක නිරත වූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ වැටලීමකින්. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔවුන් සතුව තිබි මන්නා පිහි තුනක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. බියගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සහ 22 හැවිරිදි සැකකරුවන් අධිකරණයට අද (26) ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.