fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරිමට වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 12:13

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරිමට වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත රුසියානු මිත්‍රත්ව දූත පිරිස පිළිගැනීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරිමට වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීම අරමුණ බව රුසියානු මිත්‍රත්ව දූත පිරිසේ නායක අජටාකාශ ගාමී වැලෙරි ඉවනොවිච් ටකාරොව් මහතා මෙහිදි කියා සිටියා. රුසියාව ශ්‍රී ලංකාව ලබා දෙන මිත්‍රශිලි සහයෝගය ගෞරවයෙන් සිහිපත් කරන බවයි කතානායක කරූ ජයුසිරිය මහතා මෙහිදි කියා සිටියේ.

මේ අතර ලොව ප්‍රථම අජටාකාශගාමී යූරිගගාරිගේ උඩකය ප්‍රතිමාවක් නිරාවරණය කිරිම සිදු වුණේ වැලෙරි ඉවනොවිච් ටකාරොව් මහතා මහතා ඇතුළු දූත පිරිසගේ සහභාගිත්වයෙන්. රුසියානු ග්‍රන්ථ කිහිපයක් මහජන පුස්තකාලය වෙත පරිත්‍යාග කිරිමද මීට සමගාමීව සිදු කෙරුණා.  කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ජනාධිපති උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ, ශ්‍රී ලංකාවේ රුසියානු නියෝජ්‍ය තානාපති ඉගෝර් කරෙයාවෙව්, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇන්ස්ටාසියා හක්ලෝවා යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්