නීති විරෝධිව මෙරට රැදී සිටි ඉන්දිය ජතිකයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනව.
ඒ ආගමන විගමන නිලධාරින් සිදුකළ වැටලීමකින්. ඉංගිරිය ප්රදේශයේ කර්මාන්තශාලාවක ඔවුන් සේවය කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන්දීය ජාතිකයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් ඔවුන්ගේ වීසා කල් ඉකුත්ව තිබූ බව දෙපාර්තමේන්තුව ප්රකාශ කළා. මේ වනවිට ඔවුන් මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තිබෙනවා. මෙම පුද්ගලයන් 24 දෙනා ඉන්දියාවට යැවීමට කටයුතු කරන බවයි ආගමන විගනමන නිලධාරින් පවසන්නේ.