වවුනියාව දිස්ත්‍රික්කයෙන් මෙට්ට්‍රික් ටොන් එක් ලක්ෂ දෙදහසක වී අස්වැන්නක්
Related Articles
මෙවර වවුනියාව දිස්ත්‍රික්කයෙන් මෙට්ට්‍රික් ටොන් එක් ලක්ෂ දෙදහසක වී අස්වැන්නක් බලාපොරොත්තු විය හැකි බව වවුනියා දිස්ත්‍රික් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ විජය කුමාර් මහතා පවසනවා. වැව් සහ පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් සංවර්ධනය කිරිම මීට හේතුව බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.
පුරන් කුඹුරු අස්වැද්දීම සහ වැව් ප්‍රතිසංස්කරණ රජයේ ජාතික වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් සහ පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් සංවර්ධනය කර තිබෙනවා.පසුගිය වසරට සාපෙක්ෂව මාස් කන්නයේ කුඹුරු හෙක්ටාර තුන්දහසක් වැඩිපුර වගා කර තිබෙනවා. ඒ අනුවයි පසුගිය වසරට සාපෙක්ෂව මෙවර වී අස්වනු වැඩිවීම සිදු වන්නේ.