වත්තල හැඳල ප්රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
කොළඹ මහ නගර සභා ගිනි නිවන ඒකකයේ රථ දෙකක් යොදා ගින්න මැඩ පැවැත්වීමටයි කටයුතු කළේ. ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. ගින්නට හේතුව ද මෙතෙක් හෙළි වී නැතැයි ගිනි නිවන ඒකකය සඳහන් කළා.