අම්පාර සමන්තුරෙයි ප්රදේශයේදී නීති විරෝධි ලෙස ප්රවාහනය කරමින් තිබු මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වුණා.
සමන්තුරෙයි පොලිස්ස්ථානයේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත සුඛෝපභෝගී බස් රථයක් පරික්ෂා කිරිමේදීයි මෙම නීති විරෝධි මත්පෙති තොගය අත්අඩංගුවට ගැනුණේ. සැකකරුවන් සතුව මත්පෙති පහලොස් දහසක් තිබු බව සමන්තුරෙයි පොලිසිය සදහන් කරනවා. අදාල සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.