fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර අභ්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 09:38

බන්ධනාගාර අභ්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් හෙළිවෙයි

බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන සිදුවීම් ගණනාවක් හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.

දුරකථන මගින් මෙම ජාවාරම් මෙහෙය වන බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර ආරක්ෂාවට යෙදවීමෙන් මෙම ජාවාරම් හෙළිකර ගැනීමට හැකිවූ බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණ ජාතික සතියට සමගාමීව පාසල් ආශි‍්‍රතව විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධාන කර තිබුණා. දැනුවත් කිරීම් ද ඒ අතර වෙනවා.

ශ්‍රී‍්‍ර ලංකාවේ දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් ඇති වන විවිධ රෝගාබාධ නිසා වාර්ෂිකව මියයන සංඛ්‍යාව හතළිස් දහස ඉක්මවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්