fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලුතර වානිජ නගරය සහ පොදු වෙළෙද සැල හෙට විවෘත කෙරේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 09:31

කලුතර වානිජ නගරය සහ පොදු වෙළෙද සැල හෙට විවෘත කෙරේ.

කලුතර දුම්රිය පොළ පාර වානිජ සංකීර්ණය සහ ගබඩාවීදිය පොදු වෙළෙද පොළ හෙට ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මහ නගර සංවර්ධන සැලැස්මට අනුවයි වානිජ සංකීර්ණය සහ පොදු වෙළෙද පොළ ඉදිකර තිබෙන්නේ. වැය කළ මුදල රුපියල් මිලියන 474 ක්.

මේ අතර මුල්ලේරියාව, තාක්ෂණ නගරයක් සහ සැහැල්ලු දුම්රිය සමඟ මහ නගරයක් බවට පත්කරන බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේ.

අඹතලේ වැසි ජල පොම්පාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළකළා. ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 2870 ක්.

මාස 21 ක කාලයකින් ව්‍යාපෘතිය අවසන් කරන බවයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්