මාලි රාජ්‍යයේදී ශ්‍රී‍්‍ර ලාංකික භට පිරිස් ඇතුලත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එල්ලවූ ප්‍රහාරය ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස්ට් මහතා තරයේ හෙළාදැක තිබෙනවා.
ප්‍රහාරය පිළිබදව ජගත් සංවිධාන මහ ලේකම්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කළා.
ශ්‍රී‍්‍ර ලංකා රජය වෙත සහ ප්‍රහාරයෙන් මියගිය පවුල් වලට හා තුවාල ලැබූවන්ගේ පවුල් වලට ශෝකය පළකරන බවයි ජගත් මහ ලේකම්වරයා සඳහන් කර තිබෙන්නේ.
සාම සාධක භට පිරිස් වලට එල්ල කරන ප්‍රහාර අන්තර්ජාතික නීතිය යටතේ යුධ අපරාධයක්.
මෙම ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා මාලි රාජ්‍යයට දැනුම්දී තිබෙන්නේ.
එමෙන්ම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ ශ්‍රී‍්‍ර ලාංකික පවුල් වෙත අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බවත් ජගත් මහ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
මාලි රාජ්‍යයේදී එල්ලවූ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ශ්‍රී‍්‍ර ලංකා පාබල හමුදාවේ සේවය කරන පොළොන්නරුවේ පදිංචි කපිතාන් එච් ඩබ්ලිව් ඩී ජයවික්‍රම මහතා සහ යුධ හමුදා යාන්ත්‍රික රෙජිමේන්තුවේ තලකොලවැව එස් එස් විජේකුමාර මහතායි.
පිපිරීමෙන් ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාවේ තුන් දෙනෙකු තුවාල ලැබුවා.
කෝප්රල් එම් ජී එස් කුමාරසිංහ, ලාන්ස් කෝප්රල් කේ සී පුෂ්පකුමාර සහ ලාන්ස් කෝප්රල් සී එච් එම් එස් චන්ද්‍රසේකර එම නිලධාරින් බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.