නාවල ප්‍රදේශයේ සිව් මහල් නිවසක ඇති වු ගින්නක් මැඩ පැවැත්විමට කටයුතු කෙරුණා. ඒ ගුවන් හමුදාවේ ද සහාය ඇතිවයි.
නාවල ප්‍රදේශයේ අටවන පටුමගේ පිහිටි සිව් මහල් නිවසකයි මෙම ගින්න ඇති වුණේ.
මරදාන සහ කෝටටේ ගිනි නිවීමේ ඒකක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න ව්‍යාප්තවීම මැඩ පැවැත්වීමට කඩිනමින් කටයුතු කළා.
ගින්නෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ගින්නට හේතුව සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.