මේ වසරේදී නව නිවාස 7694 ක් ජනතා අයිතියට පත්කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් නිවාස ව්‍යාපෘති කි‍්‍රයාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නව නිවාස ඉදිකෙරෙනවා.
2024 වනවිට නිවාස ඒකක හතළිස් දහසක් ජනතා අයිතියට පත්කිරීම අරමුණයි.
ඒ වෙනුවෙන් නිවාස ඒකක 8113 ක වැඩ අවසන් කර තිබෙනවා.
තවත් නිවාස ඒකක 7694 ක් මේ වනවිට ඉදිකෙරෙමින් පවතින බවයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.