සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.
ශ්‍රි ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 144ක් රැස්කර ගත්තා. ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 323 ක් ලබා ගැනීමට සමත්වුණා. අද(25) දිනයේ දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව දිනය නිමාවන විට එක් කඩුල්ලකට ලකුණු 17ක් රැස්කරගෙන සිටිනවා. මේ අනුව ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව තවත් ලකුණු 162 ක් පිටුපසිනුයි සිටින්නේ.