පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඇතුළු තුන් දෙනෙකුට අධිකරණය නොතීසි නිකුත් කළා.
ඒ ලබන සඳුදා (28) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුවයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. පර්පෙචුවල් ටේරෂරිස් සමාගම ලබාගත් සහ ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම මීට පෙර දැනුම් දුන්නා. එභෙත් ඇතැම් තොරතුරු විකෘති කර සහ මකා දමා ඇති බවයි එම දුරකථන වාර්තාවෙන් භෙලිවුණේ. ඒ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(25) අධිකරණයට දැනුම්දිමෙන් පසු නොතීසි නිකුත් කර තිබෙනවා.