fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙහෙළියට එරෙහි නඩුවට දින නියම වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 15:33

කෙහෙළියට එරෙහි නඩුවට දින නියම වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුවක් ලබන මාර්තු 8 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.

රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකතනයේ රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසිය අසූහතර මසක බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවූ බවට චෝදනා එල්ලවී තිබෙනවා. එම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ද මෙහි චූදිතයෙක්. අද (25) මෙම නඩුව කැදවූ අවස්ථාවේ රඹුක්වැල්ල මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ පාර්ලිමේන්තු කමිටු රැස්වීමකට සහභාගී වීම හේතුවෙන්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්