fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා මර්දනය සහ වන්දි ගෙවීම ගැන සතිපතා අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරිමට පියවර

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 14:33

සේනා මර්දනය සහ වන්දි ගෙවීම ගැන සතිපතා අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරිමට පියවර

සේනා දළඹුවා මර්දනයට සහ හානිවු වගාවන්ට වන්දි ලබාදීම ගැන සතිපතා ලිඛිතව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුවත් කළ යුතු බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

ඒ පිළිබද තමාට දැනුම්දිමක් සිදුකර ඇති බවයි කෘෂි නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා සදහන් කළේ. සාකච්ඡාව ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. වගා හානිවු ගොවින්ට වන්දි ලබාදිම කඩිනම් කරන ලෙසයි අමාත්‍යවරයා ඔවුන්ට දැනුම් දුන්නෙ. අවශ්‍ය මුදල් කඩිනමින් වෙන් කිරිමට අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයට නියෝග කර ඇති බවද පි හැරිසන් මහතා එහිදි සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo