ඇමරිකා බලධාරින් සමඟ සාකච්ඡා කරන බව තලෙයිබාන් සංවිධානය ප්රකාශ කළා.
පවතින ගැටුම්කාරි තත්ත්වය සමනය කිරිම අරමුණයි.
ඒ සදහා ඇමරිකා මැදිහත්විම අගය කරන බවයි තලෙයිබාන් ප්රකාශක සබ්දුල්ලා මුජාහයිඩ් ප්රකාශ කළේ.
ඇමරිකා තානාපති කාර්යාල නිලධාරින් සමඟ තලෙයිබාන් සංවිධානය සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.
ඒවා සාර්ථක බව තලෙයිබාන් ප්රකාශකයා පවසනවා.