සුඩාන ජනාධිපති ඔමර් අල් බෂීර්ට එරෙහි විරෝධතාවලදී ජීවිතක්ෂයට පත් වූ පිරිස 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයාගේ දීර්ඝකාලීන පාලනයට එරෙහිව සුඩානයේ නගර කිහිපයක් පුරා විරෝධතා පැවැත්වෙනවා. පසුගිය මාසයේ සිටම මෙම විරෝධතා ක්‍රියාත්මකයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උත්සන්න වුණා. ගැටුම්වලින් සැළකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.