දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව මගින් බේරාගෙන තිබෙනවා.
දකුණු කළුතර පොලිසිය කළ ඉල්ලීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ මුදාගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට අනුයුක්ත ජීවිතාරක්ෂක නාවිකයින් පිරිසකුයි මෙම පුද්ගලයා බේරා ගත්තේ. කළු ගගේ උතුරු පාලම අසළ දියේ ගිලෙමින් සිටි දෙහිවල ප්‍ර දේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකු මෙසේ බේරා ගැනීමට හැකිවුණා. වෛද්‍ය ප්‍රතිකාර සදහා ඔහු කළුතර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවූ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද නාවික හමුදාවට හැකිවුණා. පලෙයි දූපතට නාවික සැතපුමක් නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍ර දේශයේ තහනම් දැල් භාවිත කරමින් ඔවුන් ධීවර කටයුතු වල නිරතවී තිබෙනවා. සැකකරුවන් සතුව තිබූ තහනම් දැල්, මුහුදු කූඩැල්ලන් දහ නවයක් සහ මත්ස්‍ය කිලෝ ග්‍රෑම් 25 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් සහ එම ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සදහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂවරයා වෙත භාර දීමටයි නාවික හමුදාව කටයුතු කළේ.