එල්ෆිනිස්ටන් රඟහල නවීකරණය කිරීමෙන් පසු ඊයේ(24) ජනතා අයිතියට පත් කෙරුණා.
එල්ෆිනිස්ටන් රගහල නවීන රංගශාලා තාක්ෂණය සහිතව නවීකරණය කර ඇති බවයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරුණා. 1925 වසරේ දී මුල්ගල තබා ආරම්භ කෙරුණු එල්ෆිනිස්ටන් සිනමා ශාලාව දීර්ඝ කාලයක් මුලුල්ලේ මෙරට කලාවේ අභිවෘද්ධිය සදහා හේතුවුණා. රගහල නවීකරණය කිරීම සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 372ක්. නවීකරණය කළ රගහල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඇතුළු පිරිසක් එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/oEWKF1bfXVs”]