ව්‍යවස්ථාදයක සභාව නිසා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ඇත. ස්වාධීන අධිකරණයක් පිහිටුවා ඇත.අද විපක්ෂය ව්‍යවස්ථාදයක සභාවට එරෙහිව කතා කරන්නේ පසුගිය දා ලබුණු සාධාරණ තීන්දුව ඉවසා ගත නොහැකි නිස යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
පසුගිය රජය සමයේ තනතුරු පත් කළ ආකාරය ජනතාවට අමතක නැති බවත් වත්මන් රජය යටතේ ව්‍යවස්ථාදායක සභාව මඟින් සියලු පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු කෙරෙන බවත් අවසන් තීරණය පාර්ලිමේන්තුව සතුවන බවත් පැවසී ය.
මෙහිදී අඳහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, ව්‍යවස්ථාදායක සභාව සියලු පත්වීම් විනිවිදභාවයෙන් සිදු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ අධිකරණයට අන්තර්ජාතික වශයෙන් විශාල ගෞරවයක් ඇති වී තිබෙන බවත් පැවසී ය.
සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ,ව්‍යවස්ථාදයක සභාවට උසස් නිලතල සඳහා පත් කිරීමට බලය දී තිබෙනවා . 19 වැනි ව්‍යවස්ථාවට මේ සියලු දෙනා එදා ඡන්දය ලබාදුන්නා යැයි ද පැවසී ය.
[ot-video type=”youtube” url=”https://youtu.be/El_MPQszmOI”]