fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාස් කන්නයේ වී මිලදී ගැනීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 11:47

මාස් කන්නයේ වී මිලදී ගැනීමට සූදානම්

මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීමට සූදානම් බව වී අළෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළා. මාතලේ දිස්ති‍්‍රක්කයේ මෙටි‍්‍රක් ටොන් පන්දහසක් මිලදී ගැනීමයි සැලසුම.

හදුන්ගමුව ගලේවෙල හා දඹුල්ල වී ගබඩා සියල්ල හිස්කර තිබෙනවා. පෙබරවාරී 15 වෙනිදා සිට මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි කලාපීය සහකාර කළමනාකරු චන්දිම ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ. මාස් කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 6100 ක්. එක් ගොවියෙකුගෙන් වී කිලෝ ග‍්‍රෑම් දෙදහස බැගින් මිලදී ගැනීමයි සැලසුම. නාඩු කිලෝවක් රුපියල් තිස් අටකට සහ සම්බා කිලෝවක් රුපියල් හතලිස් එක බැගින් මිළදී ගන්නා බවයි වී අළෙවි මන්ඩලය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්