fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී වැලි ජාවාරමේ නිරතවූ 6ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 11:21

නීතිවිරෝධී වැලි ජාවාරමේ නිරතවූ 6ක් අත්අඩංගුවට

නීතිවිරෝධී වැලි ජාවාරමේ නිරතවූ පුද්ගලයින් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ – දෙහිවත්ත ප‍්‍රදේශයේදි වැටලීම සිදුකළ බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. ඊට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ලැබී තිබෙනවා. මහවැලි ගඟ ආශි‍්‍රතව සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම් හා දූෂණ මැඩපැවැත්වීමට විශේෂ සැලසුමක් කි‍්‍රයාත්මකයි. ඒ අනුව වැටලීම් සිදුකර තිබෙනවා. ට‍්‍රැක්ටර් රථ හතරක්, ලොරි රථයක් නාවික හමුදා භාරයට ගත්තා. එම වාහන සහ සැකකරුවන් මුතූර් පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්