සුමිත්රා පිරිස් මහත්මියට ජපානයේ විශේෂ ඇගයීම් සම්මානයක්
Related Articles
කලා කීර්ති සුමිත්රා පිරිස් මහත්මියට සහ ඩී එස් ගුණරත්න මහතාට ජපානයේ විශේෂ ඇගයුම් සම්මාන දෙකක් පිරිනමා තිබෙනවා.
කලා සහ සංස්කෘතික සබදතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සුමිත්රා පිරිස් මහත්මියට සම්මාන හිමි වුනා. ජපාන ශ්රී ලංකා සබදතා ශක්තිමත් කිරීමට දැක්වු දායකත්වය වෙනුවෙන් ඩී එස් ගුණරත්න මහතාට මෙම සම්මාන හිමිව තිබෙනවා. මෙම විශේෂ ඇගයුම් සම්මාන පිරිනැමීම ශ්රී ලංකාවේ ජපාන තානාපති නිල නිවසේ දී පැවැත්වුණා. ඒ ජපාන තානාපති අකිරා සුගයාමා මහතා අතින්. මෙම අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ විශේෂ ආරාධිතයින් රැසක් එක්ව සිටියා.