fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විද්‍යා පීඨ සිසුන් අට දහසක් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 10:18

විද්‍යා පීඨ සිසුන් අට දහසක් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

2016 සහ 2017 වසරවල උසස් පෙළ ප‍්‍රතිඑල මත මෙම සිසුන් බඳවා ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

ඒ ජාතික අධ්‍යාපන පීඨවල තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහායි.

ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අට දහසක් දිවයින පුරා පිහිටි විද්‍යා පීඨ 19 ක් සඳහා බඳවා ගැනීමටයි සැලසුම් කර තිබෙන්නේ.

අයදුම්පත් කැඳවීම ලබන මස 15 වෙනිදා අවසන් කරන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්