fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිහාර් ප‍්‍රාන්තයේ ඉහළ පෙළේ දේශපාලනඥයෙක් ඝාතනය කෙරේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 09:23

බිහාර් ප‍්‍රාන්තයේ ඉහළ පෙළේ දේශපාලනඥයෙක් ඝාතනය කෙරේ.

බිහාර් ප‍්‍රාන්තයේ ආර් ජේ ඩී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් රගුවර් රයි ඝාතනය කර තිබෙනවා.

ඔහු සිය නිවසේ සිටියදී ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

ඒ සඳහා ඝාතකයන් හතර දෙනෙකු පැමිණ ඇති බවට පරීක්ෂණවලදී හෙළිවුණා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි බිහාර් පොලිස් ප‍්‍රධානියා ප‍්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආර් ජේ ඩී පක්ෂ ආධාරකරුවන් උද්ඝෝෂණ සිදුකරනවා.

ඝාතනයට ලක්වූ රගුවර් රායි වසර ගණනාවක් පක්ෂ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2019 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo