ලියාපදිංචි නොවූ පානීය ජල බෝතල් සැකසුම් සමාගම් සහ නල ළිං ඉදිකිරීමේ පෞද්ගලික ආයතන වලට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළා.
පානීය ජල සමාගම් විශාල ප්‍රමාණයක් ජල බෝතල් කර්මාන්තයේ යෙදීසිටිනවා. එභෙත් අදාළ රෙගුලාසි සමත්ව තත්ත්ව සහතිකය ලබා ඇත්තේ ජල සමාගම් 164 ක් පමණයි.
ඇතැම් ජල බෝතල් සමාගම් පරිසර වාර්තාව ද ලබාගෙන නොමැති බව අමාත්‍යවරයා පෙන්වාදුන්නා.
දැනට හදුනාගෙන ඇති නල ළිං ඉදිකිරීමේ පෞද්ගලික ආයතන සංඛ්‍යාව 196 ක්. ඉන් 13 ක් පමණක් යෝග්‍යතා මට්ටම සපුරා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.
භුගත පානීය ජලය ආරක්ෂා කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට දැනුම් දුන්නා.