කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටඹුන් චෛත්‍ය මත සිට ඡායාරූප ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන් ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි කැබිතිගොල්ලැව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේ. සැකකරුවන් හත් දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත්තේ අග්නිදිග විශ්විවද්‍යාල පරිශ්‍රයේදි. තවත් සැකකරුවෙකු අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.