fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩු කාරයින්ට රැකවරණය දෙන්නෙ දේශපාලඥයින්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 17:58

කුඩු කාරයින්ට රැකවරණය දෙන්නෙ දේශපාලඥයින්

මත් උවදුර පිටුදැකීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහය අගය කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ වැඩසටහන්වලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. දිවයින පුරා සියලු පාසල්වල එය ක්‍රියාවට නැංවීමටයි කටයුතු කර ඇත්තේ. කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී මත්ද්‍රව්‍ය නිවාරණ පාසැල් සතිය වැඩසටහන ක්‍රියාවට නැංවුණේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අද (24) දිනය වෙන්ව ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම සදහායි.  ඒ යටතේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දී දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවුණේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් මහනුවර විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේදී දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. මතට එරෙහි පාසලෙන් ජවයක් යන තේමාවෙන් පැවති වැඩසටහනට විශාල පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්