fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවේ දෙපිරිසක් අතර ගැටුමක්; දෙදෙනෙකුට තුවාලයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 16:13

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවේ දෙපිරිසක් අතර ගැටුමක්; දෙදෙනෙකුට තුවාලයි

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම ඩිපෝවට අයත් සියලුම ලංගම බස්රථ ද මේ වන විට ධාවනයෙන් ඉවත්ව සිටිනවා.

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් වැලිකන්ද, ගාල්ල මාර්ගයේ ධාවනය වන බස් රථයක් බස් රථ නැවතුම් ස්ථානයේ මගී පර්යන්තයට නියමිත වේලාවට පෙර ඇතුල් කිරීමට විරෝධය දක්වමින් පෞද්ගලික බස් රථ හිමියෙකු හා ලංගම බස්රථ රියදුරෙකු අතර ආරවුලක් ඇතිව තිබෙනවා.

එය දුරදිග යාමෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවුණා.

ගැටුමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

පහර කෑමට ලක්වූ බස්රථයේ රියදුරාට සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා එම ඩිපෝවට අයත් සියලුම ලංගම බස්රථ ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.

සිද්ධියට අදාළ ලංගම හා පෞද්ගලික බස් රථ දෙක මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්