fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව ලකුණු 144 කට සීමා වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 16:01

ශ්‍රී ලංකාව ලකුණු 144 කට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ පළමු දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 72 ක් ලබා ගත්තා. මේ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 72 ක් පටුපසිනුයි සිටින්නේ.

බ්‍රිස්බෙන්හි පැවැත්වෙන මෙම  දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළා. නවසීලන්ත කණ්ඩායම සමග පැවැති අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට කණ්ඩායමට එක්ව ඇත්තේ ලහිරු තිරිමාන්නයි. ධනංජය ද සිල්වා ද කණ්ඩායමට එක්ව සිටිනවා.  ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ඉදිරිපෙළ පිතිකරුවෙක්ට පිටියේ වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට හැකිවූයේ නැහැ.

මේ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම සියළුදෙනා දැවී ලකුණු 144 කට සීමා වුණා. පිතිකරුවන් 07 දෙනෙකුට ලකුණු 10 සීමාව පසුකිරීමට හැකිවුයේ නැහැ. නිරෝෂන් දික්වැල්ල හුදකලා සටනක නිරතවෙමින් ලකුණු 64 ක් ඉනිමට එක්කළා. පෙට් කමින්ස් කඩුලු 04 ක් දවා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 02 ක් දැවී ලකුණු 72 ක් ලබා ගැනීමට සමත්වුණා. සුරංග ලක්මාල් හා දිල්රුවන් පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 16:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්